ඉන්දීය තරන්ඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට

0
206

ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා දසුන් ශානක තෝරා ගැනීමට ඊයේ(7 වැනිදා) රැස්වූ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළේය.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ හිටපු නායකයා වූ දසුන් ශානක 2019 දී පාකිස්තානයේදී පැවැති විස්සයි 20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින් 3-0 ක තරගාවලි ජයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකාව ජයගත් අවසන් විස්සයි 20 තරගාවලිය වන්නේද 2019 දී පාකිස්තානයේදී පැවැති එම තරගාවලියයි.

දසුන් ශානක නැවත වරක් විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට පත්කරන ලද්දේ පසුගිය මාර්තුවේදී පැවැති බටහිර ඉන්දීය සංචාරයේදී වූවත් එහිදී වීසා ප්‍රශ්නයක් හේතුවෙන් විස්සයි 20 තරගාවලිය සඳහා කල්තබා එම සංචාරයට එක්වීමට දසුන් ශානකට නොහැකි විය.

බංග්ලාදේශ සහ එංගලන්ත සංචාර වලදී ශ්‍රී ලංකා සීමිත ඕවර (එක්දින සහ විස්සයි-20) කණ්ඩායම් වල නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 4 ක් සහ විස්සයි-20 තරග 3 ක් පරාජය විය.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ලබන 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, විස්සයි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදී පැවැත්වෙන අතර සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතයි.