බැසිල් වෙනුවෙන් රට පුරා ඉදිවුණ පෝස්ටර් කටවුට් ගැන ඉරාජ් තැබූ ආන්දෝලනාත්මක සටහන

0
203

බැසිල් රාජපක්ෂ මහතා අද(8) දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස සහ පර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නා.

ඔහුට සුබ පැතීම සඳහා රට පුරා ප්‍රදේශ ගණනාවක ප්‍රචාරක පුවරු සවිකර තිබෙනු දක්නට ලැබෙනවා.

පොදුජන පෙරමුණේ දේශපාලඥයන් විසින් තම ආසනයන්හි මෙම ප්‍රචාරක පුවරු තමන්ගේ පින්තූර ද සහිතව මෙලෙස පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය අරඹා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව යොදාගනිමින් පෝස්ටර් සහ කටවුට් සවිකිරීම නොකරන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබෙන අවස්ථාවක එතුමාගේ රුවද යොදාගෙන තිබීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් කණගාටුව පල කරමින් ජනප්‍රිය සංගීතවේදී ඉරාජ් වීරරත්න විසින් ඨ්විට්ටෙර් සටහනක් තබා තිබුණා.

එහි සටහන් වූයේ “පෝස්ටර් ගහන්න අවශ්‍ය නෑ නේද ? මේවා ගලවන්න ගහපු කට්ටියම කරුණාකරලා, මේ ජරා පොස්ටර් සංස්කෘතිය අපි පහුකරලා ඉවරයි” යන්නයි.

එම සටහන පහතින්,