කියුබාව දේශීයව නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමිවී ඇත.
92%කට වඩා ඵලදායි බව පැවසෙන මෙම එන්නත ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතයි.
කියුබාව තම රටවැසියන්ට ලෝකයේ කිසිදු රටකින් කොවිඩ් මර්දන එන්නත් මිලදීගෙන හෝ ලබාගෙන නොමැත.
කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමකට මුහුණ දී සිටින කියුබාව ජනතාවට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර දේශීයව නිපදවන එන්නත් දෙකක් ඒ සඳහා භාවිතා කරයි.
එයින් එකක් වන “අබ්දලා” කොවිඩ් එන්නතට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට කියුබාවේ ඖෂධ අධිකාරිය පියවර ගෙන ඇත.
එම එන්නත 92% කට වඩා ඵලදායි බව එන්නත් නිෂ්පාදක ආයතනය නිවේදනය කර ඇත.
මේ වසරේ රටේ සියලුම වැසියන්ට එන්නත් ලබා දීමට අපේක්ෂා කරන කියුබාව තම රටට අවශ්‍ය සියලුම එන්නත්වලින් 80% කට ආසන්න ප්‍රමාණයක් දේශීයව නිපදවන අතර කොවිඩ් මර්දන එන්නත් පහක් සංවර්ධනය කරමින් සිටී.
කොවිඩ් වෛරසයට එරෙහිව එන්නතක් සාර්ථකව සංවර්ධනය කළ ලතින් අමෙරිකාවේ සහ කැරිබියන් කලාපයේ පළමු රට වන කියුබාව තමන්ගේම කොවිඩ් එන්නතක් නිපදවු ලොකයේ කුඩාම රට ද වේ.