සිය නේවාසිකාගාරය තුළ ඇදුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ජායාරූප ගත් බව කියන වෛදවරයකු අත් අඩගුවට ගෙන ඇති බව රාගම පොලීසිය පවසයි.
රාගම රෝහලේ සේවය කරන එම වෛද්‍යවරිය සේවය නිමා කර රාත්‍රී 8.45 ට පමණ සිය නේවාසිකාගාරයේ ඇදුම් මාරු කරමින් සිටියදී, එම වෛද්‍යවරියගේ ජායාරූප ගත් බව කියන වෛදවරයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අදාල වෛද්‍යවරයා අත් අඩගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් අදාල වෛද්‍ය වරයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නකු බවත් පොලිසිය පවසයි.
අත් අඩගුවට ගත් වෛද්‍යවරයා 11 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රාගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.