හසලකදී මද්දකට බිලිවූ කොටියා

0
192

හසලක මහගලඉන්න ප්‍රදේශයේදී මද්දකට හසවූ කඳුකර කොටියෙකු අද(11) පෙරවරුවේ මිය ගොස් අත.

ඊයේ රාත්‍රී කාලයේදී මද්දකට හසුවූ මෙම කොටියා ප්‍රදේශවාසින් විසින් දැක තිබුණේ අද උදෑසනයි.

පසුව ප්‍රදේශවාසීන් විසින් එම අවස්ථාවේදීම හසලක වනජීවි කාර්යාලය දැනුවත් කර තිබුනත් ගම්වාසීන් පවසන ආකාරයට වනජීවි නිලධාරීන් පැමිණ ඇත්තේ පැයකට පමණ පසුවයි.

නමුත් පශු වෛද්‍යවරයෙකු එම ස්ථානයට නොපැමිණීම නිසා කොටියා මුදා ගැනීමට තවත් පැයකට අධික කාලයක් ගත වූ බව ප්‍රදේශවාසීන් පවසයි.

පසුව උදෑසන 8.00ට පමණ රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරයෙකු එම ස්ථානයට පැමිණියත් කොටියාගේ දිවි බේරා ගැනීමට නොහැකි වී ඇත.