ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි 20 තරගාවලියන්හි තරග ආරම්භක වේලාවන් සංශෝදනය කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය හෙට(13) ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, පසුගියදා ප්‍රකාශයට පත් කළ සංශෝදිත නව තරග කාලසටහනට අනුව එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ලබන 18 වනදා බවයි.
එක්දින තරග 3 කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.
එම සියලු තරග පස්වරු 2.30 ට ආරම්භ කිරීමට මීට පෙර නියමිතව තිබුණත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(12) නිවේදනය කළේ එක්දින තරග තුන පස්වරු 3ට ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.
දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරග රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා.
නමුත් විස්සයි 20 තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.