ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට විශිෂ්ට ජයක්

0
202

ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේය.

ඒ උස්බෙකිස්ථානය සමග පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගයෙන් වට 3ට 0ක අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබමිනි.

එම තරගය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවලිය මෙම වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිතයි.