කොරෝනා වෛරසය පරාජය කළ 111 වියැති කාන්තාව

0
539

දකුණු ඇමරිකාවේ චිලී රාජ්‍යයේ වෙසෙන හුවානා සුනීගාගේ වයස අවුරුදු 111 කි. ඇගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටියේ වැඩිහිටි නිවාසයක ය.

මේ වැඩිහිටි නිවාසය ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර එහි සිටි සියලු දෙනා වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් වීමෙන් අනතුරුව හුවානා ද ආසාදිතයෙකු බව තහවුරු විය.

මේ වන විට ලොව වටා මාධ්‍ය ඇය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා නොව ඇය කොරෝනා වෛරසය පරාජය කළ නිසාය.

Covid 19 රෝගය වැළඳී සුවය ලැබූවන් අතර චිලී රාජ්‍යයේ සිටින වයස්ගත ම කාන්තාව හුවානා බව එරට බලධාරීහු නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ.