2017 වසරේදී පෑලියගොඩ පොලීසිය මගින් අත්අඩංගුවටගත් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාලව ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝගකර තිබේ.
සී.එස්. වික්‍රමාරච්චි නැමැති පුද්ගලයෙකු වධ හිංසනයට ලක්ව මරණයට පත්වීම තුළින් පොලීසිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව රජය විසින් රුපියල් 750,000 ක වන්දියක් මියගිය පුද්ගලයාගේ බිරිඳට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
ඊට අමතරව මියගිය තැනැත්තා අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලීසියේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙකු විසින් රුපියල් 50,000 බැගින් රුපියල් 250,000 ක් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් මියගිය තැනැත්තාගේ බිරිඳට ගෙවිය යුතු බවට අධිකරණය නියෝගකර ඇත.
ඒ අනුව වන්දි වශයෙන් හිමිවන රුපියල් ලක්ෂ 10ක මුළු මුදලින් ලක්ෂ පහක් මියගිය තැනැත්තාගේ බාලවයස්කාර දරුවන් දෙදෙනාගේ නම්වලින් සමසමව රාජ්‍ය බැංකුවක තැන්පත් කළයුතු බව අදාළ නියෝගයේ සඳහන්.
ඉතිරි රුපියල් 500,000 මුදල මියගිය තැනැත්තාගේ බිරිඳට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර තිබේ.