දුමින්ද සිල්වාට ලැබුණු අලුත්ම තනතුර

0
176

හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිල්ල ද‍්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම්දී ඇත්තේ අදාල පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කර ඇත.

ඒ අනුව එම පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන සිදුකරනු ලෙසද ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇතැයිද සදහන්ය.

අදාල පත්කිරීම් ලිපිය යයි සදහන් කරමින් සමාජ ජාලවල සංසරණය වන ලිපිය පහතින් දක්වා ඇත

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ දුමින්ද සිල්වා පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස් වූයේ පසුගිය පොසොන් පොහොය දිනයේදීය.