ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම එක්දින තරගය අද පස්වරු 3 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.දෙරට අතර එක්දින තරග 3 ක් සහ විස්සයි 20 තරග තුනක් පැවැත්වීමට නියමිතයි.
වසර දෙකකට ආසන්න කාලයකට පසුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩංගනයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
ඉන්දීය කණ්ඩායම නව නායකත්වයක් යටතේ මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමද මෙහෙයවීමේ සිදු කරන්නේ නව නායකයකු විසිනි.
තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද පළමු වරට මෙහෙයවද්දි, ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරන්නේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් විසිනි.
වඩාත් සුවිශේෂී කරුණ වන්නේ කණ්ඩායම් දෙකම බහුතර තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වීමයි.
දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 159ක් පවත්වා තිබෙන අතර එය වාර්තා අතරට එක්ව ඇත්තේ යම් රටවල් දෙකක් අතර පවත්වා ඇති වැඩිම එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව ලෙසයි.
ඒ අතරින් ඉන්දියාව තරග 91ක් ද ශ්‍රී ලංකාව තරග 56ක් ද ජය ගෙන ඇති අතර, එක් තරගයක් ලකුණු සම වීමකින් අවසන් වුණා. තරග 11ක් ප්‍රතිපලයකින් තොරව අතහැර දමා ඇත.
මෙවර එක්දින තරගාවලියෙන් ඉන්දියාව තරග 3-0ක්, 2-0ක් හෝ 2-1ක් ලෙස ජය ගතහොත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ඉතිහාසයේ දී තරග 93ක් ජය ගනිමින් නව වාර්තාවක් පිහිටුවීමට ද ඉන්දියාව සමත් වනවා.
ඒ කුමන හෝ රටකට එරෙහිව යම් කණ්ඩායමක් වාර්තා කර ඇති වැඩිම එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහන ප්‍රමාණයේ වාර්තාව තමන් සතුකර ගනිමින්.
ඉන්දියාව අවසන් වරට ශ්‍රී ලංකාවේ දී එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දී වන අතර ඔවුන් 2012 වසරේ ජූලි 24 වනදායි පසුව මෙරට දී මෙතෙක් කිසිදු එක්දින තරගයක් පරාජට පත්ව නොතිබීම ද විශේෂත්වයක්.