සඳ තරණයට සැරසෙන ශ්‍රී ලාංකික දැරිය හිටපු ජනපති හමුවෙයි

0
229

ඪේර් මූන් ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට තෝරා ගනු ලබන කණ්ඩායමේ අවසන් පූර්ව කණ්ඩායම අතරට තේරීපත්වීමට ශ්‍රී ලංකාවේ සදලි කුමාරසිංහ දියණියට හැකි වී තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා රටවල් 249කින් යොමුකර තිබූ අයදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට 17 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂි අවස්ථාව හිමිවනවා.

ඒ අනුව සඳ වෙත මෙම කණ්ඩායම 2023දී රැගෙන යාමටයි බලාපොරොත්තු වන අතර වයස අවුරුදු 20ක් වන සඳනි සහ බොහෝ දෙනාගේ අවධානයට දිනාගත් ඇමරිකාවේ අලෙස්සා නිකොලා(20) තේරී පත්වී තිබෙන අනෙක් ලාබාලම තරුණියයි.

2019 වර්ෂයේදී සදලි හට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි ව තිබෙනවා.

එම පාඨමාලාව හැදෑරීමට තමන්ට ඇති ආර්ථික අපහසුතා පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැනුවත් කිරීමෙන් පසුව එතුමා ඇයගේ එම කටයුතු සඳහා උපකාර කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිතුමා හමුවී තමා ලබා තිබෙන ජයග්‍රහනය එතුමාට සඳහන් කිරීමට ඇය හිටපු ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.

අවසන් 8 දෙනාහට තේරී පත්වී කෙසේ හෝ සඳ තරණය කිරීමේ භාග්‍යය උදාකර ගෙන රටට ගෞරවයක් සහ කීර්තියක් ගෙන දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා සඳුලී දියණියට සුභ පැතුම් එක් කළ අතර හැකි සෑම ආකාරයකම එම කාර්යය සඳහා තමන් උදව් කරන බව මෙහිදී සඳහන් කර ඇත.