ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) පෙරවරුවේ පැවැසීය.
තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර 3ක් නොව ඉන් පසුව ද තවත් වසර 5ක් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද(19) පැවති සාකච්ඡාවකට එක් වෙමින්.