උස්බෙකිස්තානු කාන්තාවක් මෙරටට ගෙන්වා ලිංගික කටයුතු සඳහා යෙදවූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳද මෙවැනිම වරදක් සම්බන්ධයෙන් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරත් සඳහන් කළේ.