සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර ඊයේ(20) පැවති දෙවැනි එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 65ක් රැස්කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.
චාමික කරුණාරත්න පන්දු 33කදී 4 පහර 5ක් සමග නොදැවී ලකුණු 44ක් රැස්කළේය.
පන්දු යැවීමේදී යුවේන්ද්‍ර චහාල් සහ බුවනේශ්ව(ර්) කුමාර් කඩුලු 3 බැගින් දවාගත් අතර දීපාක් චහාර් කඩුලු 2ක් දවා ගනීමට සමත් විය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 1ක් තුළ කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දීපාක් චහාර් නොදැවී ලකුණු 69ක් රැස්කළ අතර සූරියකුමාර් යාදව් ලකුණු 53ක් රැස්කළේය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගත් අතර දසුන් ශානක, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
ඒ අනුව තරඟ තුනකින් සමන්විත ඉන්දීය – ශ්‍රි ලංකා එක්දින තරඟාවලිය 2-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම එයේ (21) සමත් විය.
තරගයෙන් අනතුරුව ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ ශ්‍රී ලංකා නායක දසුන් ශානක අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ ආකාරය ද දැක ගත හැක වුණා.
ඒසම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම තරගයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරනු ලබන රසල් ආර්නෝල්ඩ් මෙසේ ට්විටරර් සටහනක් තබා තිබුණා.
” නායකයා සහ පුහුණුකරු අතර මෙම සංවාදය පැවතිය යුත්තේ ක්‍රීඩා පිටියේ නොව ක්‍රීඩාගාරයේ බවයි”
එම සංවාදය පහතින්,