වනිඳු හසරංග 3 වැනි තැනට

0
150

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම එක්දින හා විස්සයි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(21) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් එහි පන්දු යවන්නන් අතර 8 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂ සිදුවීමක් වුනා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුවෙනි.

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ මෙහිදි හසාන් මිරාස් 4 වැනි ස්ථානය දක්වා පහතට වැටී ඇති අතර ඇෆ්ඝනිස්ථානයේ මුජීබ් රෙහ්මාන් 2 වැනි ස්ථානය දක්වාත්, එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් 3 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 22කින් ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව මෙතෙක් 58 වන ස්ථානයේ රැදී සිටි ඔහු මේ වන විට රැදී සිටින්නේ 36 වන ස්ථානයේයි.

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි20 පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථනය දක්වා ඉහළට පැමිණමට පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී ඇත.

තවමත් 23 වැනි වියේ පසුවන වනිඳු, මේ දක්වා ජාත්‍යන්තර ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමක හිමිකරගත් ඉහළම ස්ථානය මෙයයි.

මේ දක්වා විස්සයි20 ජාත්‍යන්තර තරග 19 කට ක්‍රීඩා කර ඇති වනිඳු හසරංග එහිදී කඩුලු 26 ක් දවාගැනීමට සමත්ව ඇත්තේ 15.76 ක සාමාන්‍යක් රඳවා ගනිමිනි.

විස්සයි20 තරග 4 කදී කඩුලු 3 බැගින් දවාගෙන ඇති වනිඳුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ මෙම වසරේ මාර්තු මස බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගැනීමයි.