බිකිනිය වෙනුවට කොට කලිසම් ඇන්දාට දඩ *Photos

0
236

බිකිනියේ පහළ කොටස වෙනුවට කොට කලිසමක් ඇඳීම නිසා දඩ ගෙවන්නට සිදුවූ ක්‍රීඩිකාවන් පිරිසක් පිළිබඳව යුරෝපයෙන් වාර්තා වේ.

මෙය සිදුවූයේ වෙරළ අත් පන්දු යුරෝපා ශූරතාවලිය (Hඅන්ඩ්බල්ල්) සඳහා රටවල් දෙකක් අතර පැවති තරඟයකදීය. මෙම තරඟයට සහභාගි වූ නෝර්වීජියානු ක්‍රීඩිකාවන් සිය ඇඳුමේ පහළ කොටස සඳහා ඇද තිබුණේ කොට කලිසමයි.

යුරෝපා අත්පන්දු සම්මේලනය කියා සිටියේ “යෝග්‍ය නොවන ඇඳුමකින්” සැරසීමේ හේතුවෙන් ඔවුන්ට දඩ නියම කිරීමට සිදුවූන බවයි.

නෝර්වේ රාජ්‍යය නියෝජනය කළ ක්‍රීඩිකාවන්ට පැනවූ මුළු දඩ මුදල යුරෝ 1,500 ක් බව වාර්තා වේ.

මෙම ක්‍රීඩිකාවන් බිකිනියේ පහළ කොටස වෙනුවට කොට කලිසමක් ඇන්දේ ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව ලෝකඩ පදක්කම සඳහා පැවති තරඟයක වන අතර එය පැවැත්වුණේ බල්ගේරියාවේ වර්නා වෙරළේදීයි.

කෙසේ වෙතත්, තම ක්‍රීඩිකාවන්ට දඩ මුදලක් නියම කළහොත් එය ගෙවීම තමන් භාරගන්නා බව නෝර්වීජියානු අත්පන්දු සම්මේලනය කලින් ම ප්‍රකාශ කර ඇත.

යුරෝපා අත්පන්දු සම්මේලනය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ “එක් ක්‍රීඩිකාවකට යුරෝ 150 බැගින් වන පරිදි, යුරෝ 1,500ක සමස්ත දඩ මුදලක්” පැනවූ බවයි.

නෝර්වේ රාජ්‍යය නියෝජනය කරමින් මෙම තරඟය සඳහා සහභාගි වූ ක්‍රීඩිකාවන් කොට කලිසමක් ඇඳීම, “වෙරළ මත අත්පන්දු ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩිකාවන් ඇඳිය යුතු බවට ජාත්‍යන්තර අත්පන්දු සම්මේලනය නියම කර ඇති නිල ඇඳුමට අනුරූප නොවන” අතර එය තරඟයේ නීතිරීතිවලට පටහැනි බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන්.