ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම චීනයට – ටෙහානිගේ බලාපොරොත්තුව බිඳවැටෙයි

0
191

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළලේ ප්‍රථම රන් පදක්කම හිමි කරගැනීමට චීනයේ යැං ක්වාන් ක්‍රීඩිකාව සමත් වුනා.

මීටර් 10 වායු රයිෆල් කාන්තා තරඟ ඉසව්වේදී රුසියානු ක්‍රීඩිකා ඇනස්ටේෂියා ගලෂිනා පරාජයට පත් කරමින් යැං ක්වාන් එහි රන් පදක්කම හිමි කරගැනීමට සමත් විය.

ඒ අනුව එම තරඟ ඉසව්වේ රිදී පදක්කම රුසියානු ක්රීකඩිකාවට හිමි වූ අතර ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්ත ක්‍රීඩිකාවක් විසින් හිමිකරගෙන ඇත.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් උළලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු පළමු ක්‍රීඩිකාව ලෙස වෙඩිතැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල අද(24) උදෑසන තරග බිමට පිවිසුණි.

කාන්තා මීටර 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වට සහභාගී වූ ටෙහානිට එම වටයට සහභාගී වූ ක්‍රීඩිකාවන් 50 දෙනා අතරින් හිමිවූයේ 49 වැනි ස්ථානයයි.

සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ටෙහානි එගොඩවෙල ලකුණු 611.5ක් හිමිකර ගත් අතර ඇයට එම ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවූයේ නැත.

මීටර 10 කාන්තා වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ක්‍රීඩිකාවන් 8 දෙනෙක් පමණි.