ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගය අද

0
319

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි 20 තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද(25) පැවැත්වීමට නියමිතයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 8.00ට තරගය ආරම්භවීමට සැලසුම් කර තිබේ.

දෙරට අතර අවසන් එක්දින තරගයට ක්‍රීඩා නොකළ සුපිරි දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංග මෙම තරගයට ක්‍රීඩා කරනු ඇති.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙතෙක් විස්සයි 20 තරග 19ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 5ක් වන අතර තරග 13ක් ඉන්දියාව ජය ගෙන තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව 2019 වසරේදී පාකිස්තානය පරාජය කරමින් ලැබු විස්සයි 20 ජයග්‍රහණයෙන් පසු මෙතෙක් තරගාවලි ජයක් වාර්තා කර නොමැති අතර ඉන් පසු ජයගෙන ඇත්තේ කොදෙව් දේශයට එරෙහිව එක් විස්සයි 20 තරගයක් පමණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මෙම විස්සයි 20 තරගාවලිය සදහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ සුපිරි ක්‍රීඩකයින් රැසක් සහිතව තරග කිරීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායමේ නායක ශිකර් ධවාන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනේ “අපි අපේ හොදම කණ්ඩායම ක්‍රීඩා කරවනවා.” යනුවෙනි.

ඒ අනුව වැඩි ක්‍රීඩකයින් පිරිසකට මෙම විස්සයි 20 තරගාවලිය ආරම්භයේ දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයියි 20 වරම් හිමි නොවනු ඇති.