මිල්කාට ටෝකියෝ ඔලිම්පික් අවසන් වටය අහිමි වෙයි

0
253

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ජිම්නාස්ටික් කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන මිල්කා ගෙහානි ද සිල්වා රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව්දී 46 වැනි ස්ථානය ලබාගත්තාය. අද(25) පෙරවරුවේ පැවති මූලික වටයේ ඉසව් 4 කදී ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව 45.798 කි.

මෙම ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 69 දෙනකු සහභාගි වූ අතර අවසන් වටය සඳහා තෝරාගනු ලබන්නේ ක්‍රීඩිකාවන් 24 දෙනකු පමණි.

කෙසේ වෙතත් එක රටකින් ක්‍රීඩිකාවන් දෙදෙනකු පමණක් අවසන් වටය සඳහා තෝරා ගන්නා බැවින් 25 වැනි ක්‍රීඩිකාවගෙන් පසුව සිටින ක්‍රීඩිකාවන්ටද අවසන් වටයේ අවස්ථාව හිමි වීම විශේෂත්වයක්.

ඊට හේතුව වන්නේ පළමු 24 දෙනා අතර ඇමරිකානු ක්‍රීඩිකාවන් 6 දෙනකුම සිටින බැවිනි. එහි පළමු ස්ථානය ලබාගත් සිමෝනා බයිල්ස් ලකුණු 57.731 ක් ලබාගත් අතර සිමෝනාට පමණක් දෙවැනි වූ තවත් ඇමරිකානු ක්‍රීඩිකාවක වන සුනීසා ලී ලකුණු 57.166 ක් ලබාගත්තාය.

ශ්‍රී ලංකාවේ මිල්කා ගෙහානි මූලික වටයේදී ලකුණු 45.798 ක් ලබාගනිමින් 46 වැනි ස්ථානයට පත්වෙද්දී 24 වැනි ස්ථානය හිමිකරගත් ජපානයේ හිතෝමි හතාකෙදා ලකුණු 52.732 ක් ලබාගත්තාය.