අත්අඩංගුවට ගත් උපේක්‍ෂා ස්වර්ණමාලිට ඇප

0
293

ජනප්‍රිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැණුනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී රිය අනතුරක් සිදුකිරීමට අදාළව උපේක්‍ෂා ස්වර්ණමාලි මෙලෙස අත්අඩංගුවට ගැණුනා.

ඇය ධාවනය කළ මෝටර් රථය විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණා.

ඉදිරියේදී ඇයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවයි කටුගස්තොට පොලීසිය පවසන්නේ.