තනි කකුලෙන් බර එසවූ චීනයේ ලී ෆබින්

0
153

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිලෝග්‍රෑම් 61 බර පන්තියේ පිරිමි බර ඉසිලීමේ තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩක ලී ෆබින් සමත් විය.

ඔහු තම ශරීරයේ බර මෙන් තුන් ගුණයක බරක්, එනම් කිලෝග්‍රෑම් 166 ක් ඔසවා ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය.

ලී ෆබින් ජයග්‍රහණයෙන් අනතුරුව තවත් හපන්කමක් සිදු කිරීම විශේෂත්වයකි. ඒ ඔහු එම බර උසුලාගෙනම තනි පාදයෙන් සිටීමට කටයුතු කිරීමයි.

එය කාගේත් මවිතයට හේතුවක් වූ අතර ‘තනි කකුලෙන් බර එසවූ’ ක්‍රීඩකයා යැයි විදෙස් මාධ්‍ය ලී ෆබින් හඳුන්වා දුනි.

තමා තනි පාදයෙන් සිටින්නේ තමන් උසුලන බරට අනුව තම සිරුර සමබර කර ගැනීමට හැකි නිසා බවත්, කිසිම කෙනකු තමන් කළ මෙම හපන්කම අත්හදා බැලීමෙන් වැළැකී සිටින ලෙසත් ලී ෆබින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.