කොවිඩ් මර්දනය සඳහා ඉන්හේලරයක් හඳුන්වාදීමට ස්වීඩන පරීක්ෂණ කණ්ඩායමක් සමත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්හේලරය සඳහා භාවිත කරන “ආශ්වාස කුඩු” නිපදවා ඇත්තේ දැනට භාවිත වන කොවිඩ් මර්දන එන්නත් යොදාගනිමින් බවයි.
කොවිඩ් එන්නතක් වෙනුවට භාවිත කළ හැකි මෙම ඉන්හේලරය නිපදවා ඇත්තේ ස්වීඩනයේ අයිකනෝවෝ නම් සමාගමක් විසිනි.
ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා වැනි එන්නත් mRNA හා DNA කේත මත පදනම්ව නිපදවා ඇති අතර මෙම ඉන්හේලරය සඳහා භාවිත කරනු ලබන්නේ නිෂ්පාදනය කළ කොවිඩ් ප්‍රෝටීන් වීමද විශේෂත්වයක්.
එය සෙල්සියස් අංශක 40ක් වැනි ඉහළ උෂ්ණත්වයක් යටතේ වුවත් තබා ගත හැකි අතර ඉන්හේලරය නිපදවීම අතිශය ලාබදායී සහ පහසු බවත් එය ඕනෑම අයෙකුට නිවසේ සිට හෝ භාවිත කිරීමට හැකි බවත් පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ මෙම වියළි එන්නත් කුඩ යොදාගෙන ඇල්ෆා සහ බීටා කොවිඩ් ප්‍රභේද සම්බන්ධ සායනික පරික්ෂා සිදුකෙරෙන බවයි.