ශ්‍රී ලංකාවට කඩුළු 4ක තියුනු ජයක්

0
153

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුළු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 132 ක් රැස් කිරීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසනයේ ජයග්‍රහනය වර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිනෝද් භානුක ලකුණු 36 ක් ලබාගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 40 ක් ලබාගැනීමට සමත් වුණා.

චාමික කරුණාරත්න ලකුණු 12 ක්, වනිදු හසරංග ලකුණු 15 ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 5 ක් ලබාගැනීමට සමත් වුණා.

ඒ අනුව මෙවර ඉන්දු හා ශ්‍රී ලංකා විස්සයි 20 තරඟාවලිය තරඟ එක බැඟින් ජයගෙන සම මට්ටමක පවතිනවා.

පන්දු යැවීමේදී ලකුණු 13කට පන්දු වාර 2ක් යොමු කල සහ පිතිකරණයේදී පන්දු 34ක් තුල නොදැවී ලකුණු 40 ක් රැස් කල ධනංජය ද සිල්වා තරඟයේ වීරයා විය.