කොල්ල කෑ ඡංගම දුරකතනයේ ලාංකික තරුණියන් 8ගේ නිරුවත් ඡායාරූප තිබිලා

0
412

වත්තල පදිංචි තරුණයන් දෙදෙනකු තම ජංගම දුරකතනය මිළදි ගැනිමට අවශ්‍ය බව පවසා පැමිණිලිකරු දෙහිවල සිට වත්තලට ගෙන්වා ගෙන තමන් සතු ලක්ෂයකට අධික වටිනා කමකින් යුත් තම දුරකතනය පැහර ගත් බව වත්තල පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා සමග අත් අඩංගුවට ගත් එම ජංගම දුරකතනයේ වයස 18-20 අතර වියේ පසුවන ලාංකික තරුණියන් 8 දෙනකුගේ නිරුවත් ඡායාරුප සහ අසාභ්‍ය විඩියෝ දර්ශන ද අන්තර්ගතව තිබිම නිසා දුරකතනය හිමි පැමිණිලිකරු ද අත්අඩංගුවට ගත් බව බව වත්තල පොලිසිය පවසයි.

සිද්ධිය සමිබන්ධයෙන් මෙසේ සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවෙල පදිංචි 23 හැවිරිදි තරුණයෙක් වන අතර දුරකතනය කොල්ලකන ලදැයි පැවසෙන වත්තල පදිංචි 25 සහ 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකුද සමග අදාල ජංගම දුරකතනයද පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ඡංගම දුරකතනය කොල්ල කෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකුගේ පෙමිවතියගේ නිරුවත් ඡායාරුපයයක් එම ජංගම දුරකතයේ තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරු අනුව පරික්ෂා කර ඇත.

ඒ අනුව අශාල ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ශ්‍රි ලාංකික තරුණියන් තවත් අට දෙනකුගේ සහ තවත් අසාභ්‍ය දර්ශන ඇතුලත් විඩියෝ හඩ පටියක් සොයා ගැනිමට හැකිවු බව පොලිසිය පවසයි.