ඉන්දියාවට එරෙහිව දස්කම් දැක්වූ වනිදු මිලදී ගන්න IPL කණ්ඩායම් 4ක් සූදානමින්

0
194

ඉන්දු ශ්‍රී ලංකා තරඟාවලියේදී දැක්වූ සුපිරි දක්ශතා සමඟ ජගත් ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි 20 අංශයේ පන්දු යවන්නන් අතුරින් දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිනීමට වනිදු හසරංගට හැකි වුණා.

සැප්තැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරිමට සැලසුම් කර ඇති 2021 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග ගිවිසුම් ගත කර ගැනීමට කණ්ඩායම් කිහිපයක් කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් මැයි මාසයේ දී ඓඵ්ළ් තරගාවලිය අතරමගදි අත්හිටවීමට සංවිධායකයින් පියවර ගනු ලැබුවා. ඒ අනුව තරගාවලියේ සෙසු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සැප්තැම්බර් 19 වෙනිදා සිට ඔක්තෝම්බර් මස 15 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දින 27ක් තුළ දී තරග 31ක් පවත්වා අවසන් කිරීමට නියමිතව ඇති අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 15 වනදා ඩුබායි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ අතර ඓඵ්ළ් තරගාවලියට සම්බන්ධ කණ්ඩායම් දෙකක් සිය ආදේශක ක්‍රීඩකයෙකු ලෙස වනිදු හසරංග ඇතුලත් කර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වේ.

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන තරගාවලිය සඳහා ඩුබායි බලා නොයන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයෙකු ඇතුලත් කර ගැනීමට ඓඵ්ළ් කණ්ඩායම් සඳහා අවසරය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් අවසරය හිමිවන්නේ නම් පමණක් ඓඵ්ළ් තරගාවලියට ක්‍රීඩා කිරිමට වනිදු හසරංග කැමැත්තන් පසුවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.