ඔලිම්පික් 2020 පදක්කම් සටහන

0
248

ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙල ආරම්භ වී දින 7ක් ගතවී තිබේ.

මේ වනවිට ඊට එක්ව සිටින රටවල් අතුරින් රටවල් 42ක් එක් ඔලිම්පික් රන් පදක්කමක් හෝ දිනාගෙන සිටී.

පදක්කම් සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ චීන කණ්ඩායම වන අතර ඔවුන් මේ දක්වා හිමිකරගෙන ඇති රන් පදක්කම් ගණන 18ක්.

රිදී 9ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ද සමගින් චීනය හිමිකරගෙන ඇති මුළු පදක්කම් ගණන 38කි.

රන් පදක්කම් 15ක් දිනාගෙන ඇති සත්කාරක ජපානය පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ජපානය රිදී 4ක් සහ ලෝකඩ 7ක් සමගින් මුළු පදක්කම් 26ක් දිනාගෙන තිබේ.

පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ රැදී සිටින අමෙරිකාව රන් 14ක්, රිදී 16ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගෙන සිටියි.

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වාර්තාගත තරග 33ක් හා ඉසව් 339ක් ඇතුළත් වන අතර ජපානයේ ස්ථාන 42ක මෙවර තරග පැවැත්වෙනු ඇත.

පහත පිටුව තුළ පදක්කම් සටහනේ ස්ථාන ඇතුළත් වන අතර එය ස්වයංක්‍රීයව යාවත්කාලීන වෙමින්, තරගාවලියට සහභාගි වන ජාතික ඔලිම්පික් කමිටු දිනාගත් රන්, රිදී හා ලෝකඩ පදක්කම් සංඛ්‍යාව පෙන්නුම් කෙරේ.

https://www.bbc.com/sinhala/sport-57757148