ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කෝටි 02ක තෑග්ගක්

0
202

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් 100000ක (රුපියල් කෝටි 2ක පමණ) ත්‍යාගයක් ලබාදීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීමේදී ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ සහායක කාර්යය මණ්ඩලයේ උත්සාහය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අගය කර සිටින අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය යහපත් අතට හැරෙනු ඇති බවට විශ්වාසය පළ කර සිටියි.

මේ සියළු කාරණා ගැන අවධානය යොමු කරමින් මෙම මුදල පිරිනැමීමට විධායක කමිටුව තීරණය කර තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්,