ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධවයි.
ඊයේ(31) පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් රාජගිරිය ගුවන් පාලම අසලදී එකිනෙක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර ඔහුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ අනුව අනතුර සම්බන්ධයෙන් උමාරිය සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගැනුණ අතර ඇය අද(1) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.