පදක්කම් සිහිනය බොඳවූ යුපුන් අබේකෝන් තැබූ සංවේදී සටහන

0
176

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන් සහබාගි වූ මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව ඊයේ(31) පැවැත්වුනා.

මෙය මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තුන්වන තරගයක් වූ අතර මෙහිදී යුපුන් අබේකෝන් තප්පර 10.32කින් තරඟය නිම කර 6වන ස්ථානය ලබාගත්තා.

නමුත් මීට පෙර යුපුන් තත්ත්පර 10.15 ක දක්ෂතාවක් වාර්තා කර තිබුණා

මෙම තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ ඉතාලි ක්‍රීඩක ජේකොබ් මාර්ෂල් වූ අතර ඔහු තත්ත්පර 9.94 කින් තරගය නිම කළා.

කෙසේ වෙතත් දකුණු ආසියාවම නියෝජනය කරමින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ යුපුන් අබේකෝන්ට ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව අහිමි වුනා.

මේ අතර යුපුන් අබේකෝන් තමන්ට අහිමි වූ ජයග්‍රහණය ගැන සංවේදී සටහනක් මුහුණූපොතට එක් කර තිබුණා.

සිදුවූ දේ ගැන සමාව ඉල්ලන යුපුන්, එය නරක ආරම්භයක් බව එහි සඳහන් කර තිබූ අතර ඉදිරියේ දීමීටත් වඩා ශක්තිමත්ව කටයුතු කරන බව ද ඔහු සඳහන් කරනවා.