ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව

0
150

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ ඔලිම්පික් තරග බිමට පිවිසෙන අවසන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස මැතිල්ඩා කාල්සන් හෙට පස්වරු 3.30ට තරග වැදීමට නියමිතයි.

කාන්තා කේවල අංශයේ ශෝ ජම්පින් ඉසව්වෙන් මැතිල්ඩා හෙට තරග වදී.

මැටිල්ඩා කාර්ල්සන් කියන්නේ වර්තමානයේ ස්වීඩනයේ ජීවත්වන ඇයව කුඩා කාලයේ සිට හදාවඩා ගන්නේ ස්වීඩනයේ දෙමාපියන් යුවලක් විසිනුයි.

ඇය ඒ පිලිබඳව කියන්නේ මෙවැනි කතාවක් ”ස්වීඩනයේ දෙමාපියන් යුවලක් තමයි මාව හදාගත්තේ. ඒ අය මට කිවුවා මම ඉපදුනේ ලංකාවේ මහනුවර කියලා, ඉපදිලා මාස තුනකින් වගේ තමයි මාව ගෙනත් තියෙන්නේ”.

කොහොමහරි ඉතින් ලංකාවේ ඉපදිලා මාස තුනක් වගේ පොඩි කාලයකින් ස්වීඩනයට ගිය ඇය වර්තමානය වනවිට ලංකාව නියෝජනය කරන්නට ඔලිම්පික් වරම් දිනාගෙන තිබෙනවා.

ඒ ගැනනම් ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තටම ඒ හැඟීම කියලා නිම කරන්න බෑ. 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා තමයි මම ඔලිම්පික් සිලේක්ට් වෙලා කියලා දැනගත්තේ. ඇත්තටම මට අදහා ගන්න බැරිවුණා මේ පණිවිඩය ලැබුණාම.

ඉතින් ඒ සුබ පණිවිඩය නව වසරේදී ශ්‍රී ලාංකිකයන්ටත් තිළිණ කරන්න මට පුළුවන් වුනා. අශ්වයන් කිහිපදෙනෙක්ම මම තරග සඳහා යොදා ගන්නවා.

ඔලිම්පික් වරම් ලැබුවේ ‘චොපි’ කියන අශ්වයා. චොපිට දැන් වයස අවුරුදු 10ක්. එයා ‘ස්ටැලියන් හොල්ට්ස්’ ගණයේ කෙනෙක්. මේ වගේ අශ්වයෙක් සාමාන්‍යයෙන් යූරෝ මිලියන 6ක් විතර වෙනවා. ඒ වගේ අශ්වයන් 15 දෙනෙක් මගේ ළඟ ඉන්නවා.”

එලෙස ලංකාවට කීර්තියක් අරගෙන එන ඇය ඇය උපන් ශ්‍රී ලංකාව පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මම ඉපදුනේ ලංකාවේ මම ලංකාවට ගොඩක් ආසයි. නමුත් මාව බලාගත්ත ස්වීඩනයේ දෙමාපියන්ටත් ගොඩක් ආදරෙයි. මොකද මම අද මේ වගේ තැනක ඉන්නේ ඒ අය නිසාවෙනුයි.

මම කවදාවත් ලංකාවේ දෙමාපියන්ව හමුවෙලා නෑ. නමුත් මම ලංකාවට ආදරෙයි දැන් මගේ එකම බලාපොරොත්තුව ටෝකියෝවලදී ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදෙන එකයි” කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.