ලෝකයේ ආරක්ෂාවට විශාල තර්ජනයක්.?

0
210

ඇෆ්ඝනිස්තාන රජයේ හමුදා පරාජය කර තලිබාන් සටන්කාමීන් එරට බලය අල්ලා ගතහොත් එය මුළු ලෝකයේම ආරක්ෂාවට විශාල තර්ජනයක් වියහැකි බව ඇෆ්ඝනිස්තාන හමුදා ප්‍රධානියෙක් පවසා ඇත.

තලිබාන් සටන්කාමීන්ට එරෙහිව හෙල්මන්ඩ් පළාතේ හමුදා මෙහෙයුම් ප්‍රධානියා වන ජෙනරාල් සාමි සදාත් ඒ බව පවසා තිබුණි.

මේ වනවිට එම පළාතෙන් බොහෝ ප්‍රදේශයක් තලිබාන් සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇතැයි වාර්තා වෙයි.

තලිබාන් සටන්කාමීන්ට සහාය දැක්වීම සඳහා ලොව වෙනත් රටවල්වලින් ද සටන්කරුවන් පැමිණීම ලෝකයේ ම ආරක්ෂාවට තර්ජනයක් වියහැකි බව ජෙනරාල් සදාත් පැවසීය.

වසර 20ක් පමණ ඇෆ්ඝනිස්තානයේ රඳවා සිටි අමෙරිකානු සහ නේටෝ හමුදා එරටින් ඉවත්ව ගොස් ඇති පසුබිමක තලිබාන් සටන් කණ්ඩායම් පෙරමුණට පැමිණෙමින් පවතියි.

හෙල්මන්ඩ් පළාතේ අගනුවර වන ලෂ්කා ඝා නගරය සටන්කාමීන්ට හිමිවුවහොත්, 2016 න් පසුව තලිබාන් පාලනයට නතුවන පළමු පළාත් අගනගරය එය වීමට ඉඩ තිබේ.