12 හැවිරිදි ජපන් ජාතික දැරිවියක් ඔලිම්පික් රිදී පදක්කමක් දිනා ගැනීමට ඊයේ (04) සමත් වූවාය.
ඇය නමින් කොකොනා හිරාකි ය. එම දැරිවිය ස්කේට්බෝඩින් ඉසව්වෙන් රිදී පදක්කම දිනා සමත් විය.
එය ඉතිහාසයට එක් වුනේ 1936 වසරට පසු බිහිවූ ළාබාලතම පදක්කම්ලාභියා ලෙසයි.
1936 වසරේදී ප්‍රංශයේ නොයෙල් වැන්ඩනෝට් වයස අවුරුදු 12දී ඔරුපැදීමේ ඉසව්වලින් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගෙන ඇත.
මේ අතර, මෙතෙක් නිමවී ඇති ක්‍රීඩා ඉසව්වලින් වැඩිම රන් පදක්කම් ගණනක් හිමිකර ගැනීමට චීනය සමත්වී තිබේ. ඔවුන් හිමිකරගෙන ඇති රන් පදක්කම් ගණන 32කි.
රිදී පදක්කම් 22ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ඇතුලුව ඔවුන් සතුකරගෙන ඇති සම්පූර්ණ පදක්කම් ගණන 70කි.
ඇමෙරිකාව හිමිකරගෙන ඇති මුළු පදක්කම් ගණන 77කි. ඊට රන් 25ක්, රිදී 30 සහ ලෝකඩ 22ක් ඇතුළත් වේ.
සත්කාරක ජපානය මේ වන විට රන් පදක්කම් 20ක් දිනාගෙන තිබේ.