රාජ්‍ය ඇමති චන්න ජයසුමන ගුරුවරුන්ගෙන් කල ඉල්ලීම

0
146

රටේ තත්ත්වය සලකා බලා මනුෂ්‍යත්වයට මුල්තැන දී අරගලය තාවකාලිකව හෝ නවතා දමන්නැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි.

රාජ්‍ය අමාත්‍යවරයා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගොස් මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්ත්වයකට පත්වෙමින් ඇති බවයි.

තව ද පසුගිය සති දෙකේ ඉහළ කෝරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ, ජනතාව මංගල උත්සව සඳහා සහභාගී වී මුහුණු ආවරණ ඉවත් කර අහාර ගැනීම, ගුරු උද්ඝෝෂණ සහ ජන ඒකරාශී වීම් හේතුවෙන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.