ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකින් ආරාධනාවක් ලැබී තිබෙනවා.
ඒ, එළඹෙන එංගලන්ත සිව්දින ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමටයි.
එංගලන්ත නොටිංහැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීමටයි මෙම ආරාධනාව ලැබී ඇත්තේ.
මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 72කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර එහිදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 5,176ක්.
පසුගිය කාලයේ අන්තර්ජාතික තරගවල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වන දිමුත් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ වසරේ විශිෂ්ඨතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ලැයිස්තුවටද ඇතුළත් වුණා.