රන් පදක්කම දිනා ගත් නීරජ්ට චෙන්නායි සූපර් කින්ග්ස් වෙතින් ලැබුණු තෑග්ග

0
174

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා ගත් ඉන්දීය ක්‍රීඩක නීරජ් චොප්රාට ඉන්දීය රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට මහේන්ද්‍ර සිං දෝණි නායකත්වය දරණ චෙන්නායි සූපර් කින්ග්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

නීරජ් චොප්රා විසින් දිනා ගත් මෙම රන් පදක්කම ඉතිහාසට එක් වූයේ වුණේ මලල ක්‍රීඩා ඉසව්වකින් දකුණු ආසියානූවෙකු දිනා ගත් පළමු ඔලිම්පික් රන් පදක්කම ලෙසයි.

ඉන්දියාව මලල ක්‍රීඩා ඉසව්වකින් මෙලෙස පදක්කමක් දිනා ගත්තේ වසර 121ට පමණ පසු වීමද විශේෂත්වයක්.

2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ රිදි පදක්කමක් දිනා ගැනීමෙන් පසු දකුණු ආසියානු රටක් මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනු පළමු අවස්ථාවද මෙය වේ.

මීටර් 87යි දශම 5යි 8ක දුරක් හෙල්ල විසි කරමින් මෙවර ඔලිම්පික් උළෙලේ රන් පදක්කම දිනු නීරජ් චොප්රාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙන්ම ඉන්දීය ක්‍රිකට් තරු රැසක් ද සුභ පැතුම් පළ කර තිබේ.

ඔහු ලද මෙම ජයග්‍රහණය ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ප්‍රිති ඝෝෂා නගමින් සැමරූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.