2020 ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු තැන අමෙරිකාවට

0
177

2020 ටෝකියෝ ඔලිම්පික් උළලේ අවසානය සනිටුහන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට අමෙරිකාව සමත් විය.

ඊයේ(07) දිනය වන විටත් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටි චීනය දෙවන ස්ථානයට පත් විය.

අමෙරිකාව රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් සමඟින් සමස්ත පදක්කම් 113ක් හිමිකර ගෙන ඇති අතර චීනය රන් 38ක්, රිදී 32ක් සහ ලෝකඩ 18ක් ලෙස පදක්කම් 88ක් හිමිකර ගැනීමට සමත් විය.

රන් 27ක් සමඟින් සමස්ත පදක්කම් 58ක් ලබාගත් සත්කාරක ජපානයට හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි.

රන් පදක්කම් 22ක් ලැබූ බ්‍රිතාන්‍ය සිව් වන ස්ථානයටත් රන් පදක්කම් 20ක් ලබාගත් රුසියාව 05 වන ස්ථානයටත් පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළලේ පළමු ස්ථාන 10ට ඇතුළත් සෙසු රටවල් වේ.