රට ඉඳි කියන්නේ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් හිමි කර දෙන්නට සමත් වන රසවත් පළතුරක්. රට ඉඳි වල විටමින්, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් සහ කොපර් වැනි පෝෂක කොටස් රැසක් අඩංගු වෙනවා.
විටමින් වලින් සපිරි, පහසුවෙන් අවශෝෂණය වන සුළු සීනි සහිත, යහමින් ප්‍රති ඔක්සිකාරක අඩංගු මේ පලතුර එදිනෙදා ආහාරයට වුවත් ඉතා සුදුසුයි.
රට ඉඳි වල ඇති කෙඳි සහිත බව නිසා කුසගිනි දැනීම පාලනය කර ගන්නත් උපකාරී වන අතර දිනකට රට ඉඳි ගෙඩි 3ක් ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට දවසකට අවශ්‍ය වන විටමින් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්.
විටමින් B යහමින් අඩංගු වන රට ඉඳි මතක ශක්තිය වර්ධනය කර ගන්න උදව් වෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ට, මොලය වෙහෙසා වැඩ කරන ඕනෑම අයෙකුට මේ පලතුර ඉතා කදිමයි.
යම් දෙයකට අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කර ගන්න ලැබෙනවා.
සිරුරේ ශක්තිය පිරිහුණු අවස්තාවක ක්ෂණික ශක්තියක් ලබා ගැනීම සඳහා රට ඉඳි උපකාරී වෙනවා.
මෙය අසනීප තත්වයන් නිසා සිරුර දුර්වල වූ අයෙකුට, වැඩ කර හෝ ක්‍රීඩා කර වෙහෙසට පත් වූ අයෙකුට සිරුරට නැති වූ ශක්තිය නැවත ලබා ගත හැකි පහසු සහ ඉක්මන් ක්‍රමයක්.
රට ඉඳි වල මැන්ගනීස් යහමින් අඩංගු වෙන නිසා සිරුරේ ඇති ඉදිමුම් සහ වේදනාවන් අඩු කර ගන්නත් රට ඉඳි යොදා ගත හැකියි.
ගැබිණි මව් වරුන් සඳහා රට ඉඳි ඉතා සුදුසුයි. ගර්භනී වූ දිනයේ සිට රට ඉඳි ආහාරයට ගන්න.
ගර්භාෂය ආශ්‍රිත මාංශ පේශි ශක්තිමත් වීමටද, දරු ප්‍රසූතිය පහසු කර ගැනීමටද, දරුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් වීමටද, දරුවා ලැබීමෙන් පසුව මව් කිරි වර්ධනය වීමටත් රට ඉඳි හේතුවක් වෙනවා.
රට ඉඳි මල බද්ධය රෝගය සඳහාත් හොඳ විසඳුමක්. එහි ඇති තන්තු ස්වභාවය නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු වෙනවා. ආහාර ජීර්ණය නිසි පරිදි සිදු නොවන පුද්ගලයන් සඳහා රට ඉඳි කදිමයි.
සිරුරේ බර අඩු පුද්ගලයන්ට, වර්ධනය අඩාල වූ අයට රට ඉඳි හොඳින්ම ගැලපෙනවා. සිරුරේ බර වැඩි කර ගැනීමටත්, මාංශ පේශි වල ශක්තිමත් බව වර්ධනය කර ගැනීමටත් රට ඉඳි ඔබට උදව් වෙනවා.
රට ඉඳි සහ එළ කිරි වලින් සාදා ගත් පානයක් දිනපතා පානය කල හැකි නම් ඔබේ සිරුරේ බර යහපත් මට්ටමකට වර්ධනය කර ගත හැකි වෙනවා.
මත්පැන් පානය කිරීම නිසා සිරුරට ඇති වන අහිතකර බලපෑම් අවම කර ගන්නත් රට ඉඳි යොදා ගත හැකියි. ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල රට ඉඳි පිළිකා අවදානමද පහ කරනවා.
හෘදයාබාධ වැලැඳීමේ අවදානම අඩු කර ගන්නත් රට ඉඳි උදව් වෙනවා. දැනටමත් හෘදයාබාධ වැලැඳී ඇති අයෙකුට වුවද එහි තත්වය සුව අතට හරවා ගැනීම සඳහා රට ඉඳි උදව් වෙනවා.
මුත්‍රා පද්ධතිය සහ වකුගඩු ආශ්‍රිත රෝග රැසකට සහනය සලසා ගන්නත් රට ඉඳි උදව් වෙනවා. මුත‍්‍රා පිට නොවීම, මුත‍්‍රා දැවිල්ල, වකුගඩු ගල් සුව කර ගැනීමට රට ඉඳි භාවිතයෙන් හැකියාවක් තියෙනවා.
රට ඉඳි වලින් අත් බෙහෙත්
*සම පැහැපත්වීමට
දිනපතා රටඉඳි ගෙඩි 7 බැගින් ආහාරයට ගැනීම
*පාදයේ ඇනුණු උල් කටු කීරි ඇදී ඒමට
ඉඳි බොඩ පෙරුම්කායම් සමග අඹරා කීපවිටක් ආලේප කිරීම
*මුත්‍රා දැවිල්ලට, මුත්‍රා පිට නොවීම ට
උතුරුවාගත් දිය බඳුනකට රට ඉඳී ගෙඩි අටක් තලා දමා පානය කිරීම
*හිස රදයට
උළුහාල් ස්වල්පයකට වතුර පත 4 දමා කෂාය සිඳුවා , ඊට රට ඉඳි ගෙඩි කීපයක් ඇට ඇර තලා දමා පානය කිරීම
*වමනයට, මල බුරුල්වීමට
රට ඉඳි ඇට ඇර පත 4 එකට කෂාය කර බීම
*පුෂ්ටිමත්වීමට, බර වැඩිකර ගැනීමට
එළ කිරි සමග රට ඉඳි ගෙඩි හත බැගින් දිනපතා ආහාරයට ගැනීම
*ප්‍රතිශක්තී වර්ධනයට
රට ඉඳි ඇට කබලේ බැද කුඩුකර කෝපි මෙන් පානය කිරීම