සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 5කින් සමන්විත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශය ඊයේ(9) සමත් විය.
ඒ, තරගාවලියේ අවසන් විස්සයි 20 තරගයෙන් බංග්ලාදේශය ලකුණු 60ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.
ඩකාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් රැස් කළා.
මොහොමඩ් නයීම් ලකුණු 23ක්, නායක මහ්මුදුල්ලාහ් ලකුණු 19ක් හා සෞම්‍ය සාකාර් ලකුණු 16ක් රස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී නේතන් එලිස් හා ඩෑන් ක්‍රිස්ටියන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍ර්ලියාවට පන්දුවාර 13යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 62ක් පමණයි.
එය විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ඔස්ට්‍රේලියාව ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.
ඉනිමේ ලකුණු 10 සීමාව පසුකළේ නායක මැතිව් වේඩ්(22) හා බෙන් මැක්ඩර්මෝට්(17) පමණයි.
පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 9කට කඩුලු 4ක් හා මොහොමඩ් සයිෆුදීන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලිය අවසන් වූ අතර බංග්ලාදේශයට තරඟ 4-1 ක තරගාවලි ජයක් ලැබිණ.