ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් මුහුණ ආවරණය නොකර, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තරුණියක ඝාතනය කර ඇතැයි ‘ඇෆ්ගන් ටයිස්’ පුවත්පත උපුටා දක්වමින්, ඉන්දියාවේ ‘ඩී.එන්.ඒ.’ වෙබ් අඩවිය වාර්තා කරයි.
21 හැවිරිදි නසානී නමැති මෙම තරුණිය බුර්කාවක් හෝ හිජාබයක් පැලඳ නොසිටි හෙයින්, තලේබාන් ත්‍රස්තයන් ඇය ගමන් කළ මෝටර් රථය බලහත්කාරයෙන් නවත්වා, ඇය මෝටර් එරථයෙන් පිටතට ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බව ‘ඇෆ්ගන් ටයිස්’ පුවත්පත වාර්තා කර තිබේ.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමත් සමඟ තලේබාන් සංවිධානය යළි ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයේ පළාත් සහ නගර අල්ලා ගෙන තිබේ.
තලේබාන් සංවිධානය දැඩි ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් වන අතර බාලිකා අධ්‍යාපනයට සහ කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට ඔවුන් ඉඩ ලබා දෙන්නේ නැත.
නසානී නමැති මෙම තරුණිය ඝාතනයට ලක්වූයේ බලක් දිස්ත්‍රිකයේ ය. බල්ක් දිස්ත්‍රික්කය ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටා ඇති අතර, මෙම පළාත මේ වනවිට මුළුමනින්ම පවතින්නේ තලේබාන් ග්‍රහණයේය.