SLC ආරාධිත විස්සයි 20 ලීගය හෙට

0
154

අද(12) දින ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය හෙට දක්වා කල් දමා තිබෙනවා.

ඒ, තරග පැවැත්වීමට නියමිත මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට පවතින වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්.

අද දිනයේ දී තරගාවලියේ පළමු තරග දෙක පස්වරු 2.30ට හා පස්වරු 7ට ආරම්භ වීමට නියමිතව තිබුණා.

එම තරග දෙක හෙට දිනට කල් දැමිමත් සමග පළමු තරගය අළු (Greys) හා කොළ (Greens) කණ්ඩායම් අතර හෙට පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි තරගය හෙට රාත්‍රී 7ට ආරම්භ වන්නේ නිල් (Blues) හා රතු (Reds) කණ්ඩායම් අතරයි.

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් තරගාවලියේ සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) විසින් අදාළ කණ්ඩායම්වල නායකත්වය දරනු ලබයි.