මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීම තම අරමුණ බව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සඳහන් කරයි.
ජපානයේ ටෝකියෝ හීදී පැවැත්වීමට නියමිත 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දරන්නේ හෙල්ල විසි කිරීමේ සුපිරි ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් විසිනි.
2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසි කිරීම පිරිමි F46 කාණ්ඩයේදී මීටර් 58.23 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
එසේම 2017 ලෝක ශූරතා තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීම, 2018 ආසියානු තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීම, 2019 ලෝක ශූරතා තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීම ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් ලබා ගත් ජයග්‍රහණ අතර වෙයි.