කොවිඩ් ආසාදනය වූ නයනතාරා ටෙලි නාට්‍ය කේෂ්ත්‍රයෙන් කළ ඉල්ලීම *Video

0
201

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව සිටින ජනප්‍රිය නිලි නයනතරා වික්‍රමාරච්චි මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඇය වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ ඇතැම් සහය අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදන ආයතන විසින් කොවිඩ් ආසාදිත සිටින නළු නිලියන් ගෙන් ඉදිරි පටිගත කිරීම් සඳහා දින ඉල්ලමින් සිටින බවයි.

මේ හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ සියලු රූගත කිරීම් නතර කිරීමට පියවර ගන්නා ලෙස ද ඇය මෙහිදී ඉල්ලා සිටියා.

මුදල් අවශ්‍යතාවන් සියලු දෙනාට තිබුනත් මේ මොහොතේදී ජීවිතය රැක ගැනීම ඉතා වැදගත් බැවින් සියලු දෙනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම යහපත් බවයි ඇය මෙහිදී කියා සිටියේ.

වයස අවුරුදු 23ක් වන තමන් සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් වුවත් වෛරසය ආසාදනය වීමෙන් දින කිහිපයක් ගතවන විට තමන්ව දැඩි සේ ආසාද්‍ය මට්ටමට පත්වූ බවයි.

හුස්ම ගැනීමට නොහැකිව, රුධිර පීඩනය අඩු වීමෙන් තමන්ට මරණ භය දැනුණු බවයි ඇය කියා සිටියේ.

කුඩා බිලිදෙකුට, වයස්ගත සහ රෝගාබාධ සහිත වැඩිහිටියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු ඔවුන්ට ඇතිවන සංකුලතා වලට ප්‍රතිචාර දැක්වීමේදී ඇතිවන අපහසුතාවයන් කෙසේ ද යන්න සිතා ගත නොහැකි බවයි ඇය මෙහිදී කියා සිටියි.

දැනට පවතින ගුරු විරෝධතා ඇතුළු සියලු උද්ඝෝෂණ නතර කරන ලෙසට ඇය වැඩිදුරටත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

එම වීඩියෝව පහතින්,