මේ ආදරයයි “ඉෂී අම්මා”ගේ චායාරූප 40ක්

0
257

ඉන්දීය ටෙලි නාට්‍ය වගේම තවත් ඇතැම් රටවල ටෙලි කතා සිංහලයට හඬකවලා ඒවා ශ්‍රී ලංකාවේ ටීවී නාලිකා වල ප්‍රදර්ශනය කරන එක දැන් සාමාන්‍ය දෙයක්.

එවැනි ටෙලි නාට්‍ය අතරින් ගොඩක් දෙනෙක් වැළඳගත් ටෙලි කතාවක් තමයි මේ ආදරයයි කියලා කියන්නේ.

මේ කතාවේ චරිත රැසක් තියෙනවා.ඒ අතරින් ගොඩක් දෙනෙක්ගේ ආවධානයට ලක්ව තියෙන චරිතයක් තමයි ඉෂී අම්මා කියලා කියන්නේ.

ඉෂිතා බල්හා කියන ඒ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ සුරූපී සහ ඉතාමත් දක්ෂ නිලියක් වෙන දිව්‍යංකා ත්‍රිපාති කියන රංගන ශිල්පිනියයි.

ඒ චරිතයත් ඇය ඉතාමත් ලස්සනට කරනවා හරිම ආදරණිය විදිහට.ඕනෙම දරුවෙක්ට ගුණයහපත් මවක් විදිහට ඇය ඒ චරිතයෙන් රංගනය සිදු කරනවා.

ඉන්දීය රූපවාහිනී නිලියක් වශයෙන් ජනප්‍රියත්වයට පත් දිව්‍යංකා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයද ඇය හිමි කරගන්න සමත් වුනා.

හැමෝම ආදරේ කරන ඉෂී අම්මගේ ඇත්ත ජිවිතේ චායාරුප කිහිපයක් හැඩ වැඩ තුලින් ගෙන එන්න අපි තීරණය කලා.