තමන් රඟපෑ කලියා චිත්‍රපටයේ “Jahan teri ye nazar hai” ගීතයේ වීඩියෝව සමග ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීතයක් වන “මැණිකේ මගේ හිතේ” සමඟ සම්මිශ්‍රණය කරන ලද වීඩියෝ පටයක් බොලිවුඩයේ ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් විසින් සිය ට්විටර් ගිණුමේ පල කර තිබෙනවා.
මෙම වීඩියෝ පටය සංස්කරණය කළේ තම මිණිබිරිය නව්‍යා නවේලි බවත් ඔහු එයට ඉතා කැමති බවයි අමිතාබ් බච්චන් සඳහන් කර සිටියි.
“මැණිකේ මගේ හිතේ” යන ගීතය ශ්‍රී ලංකාවේ කලාකරුවන් වන සතීෂාන් රත්නායක සහ යෝහානි ද සිල්වා විසින් ගායනය කරන ලද්දකි.
“ඇදහිය නොහැකි ශ්‍රී ලාංකික ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට මා රඟපෑ කාලියා චිත්‍රපටයේ ගීතයක දර්ශන සංස්කරණය කරමින් මාගේ මිණිබිරිය වන නවියා නැවෙල් විසින් සකස් කරන ලද වීඩියෝව.
මුළු රැය පුරාම මේ ගීතය රසවින්දා… එයට සවන් දීම නැවැත්විය නොහැකියි,” යනුවෙන් අමිතාබ් භච්චන් සිය ට්විටර් ගිනුමෙහි සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්,