තලේබාන් නායකත්වය බොද්ධ ස්ථාන ගැන ගත් තීරණය

0
172

තලේබාන් නායකත්වයෙන් යුත් පරිපාලනයක් යටතේ ඇෆ්ගනිස්තානයේ බොද්ධ ස්ථාන අවදානමකට ලක් නොවන බව ජාත්‍යාන්තර සාකච්ජා කරු සුහයිල් ෂරීන් පවසා තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ තිබෙන බෞද්ධ ස්ථාන අවදානමකට ලක්වෙන්නේ නැතැයි ඔහු දෝහා නුවර සිට පවසා තිබේ.

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ පැවති ලොව උසම බුද්ධ ප්‍රතිමාව 2001 වසරේදී විනාශ කරනු ලැබීය.

මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය ලබාගෙන තිබේ.

ලංකාවේ පැවති ත්‍රස්තවාදී සංවිධානය වන LTTE සංවිධානය සමඟ කිසියම් සම්බන්ධතාවයක් තිබේ දැයි විමසූ විට ඔවුන් පවසා ඇත්තේ කිසිම සම්බන්ධතාවයක් නොමැති බවයි.

ඔවුන් තව දුරටත් පවසා ඇත්තේ තලේබාන් සංවිධානය ත්‍රස්තවාදීන් ලෙස නොසලකන ලෙසත් “ඔබේ රට නිදහස් කර ගැනීම සඳහා අරගල කල ඔබේ මුතුන්මිත්තන් මෙන් අපි ඇෆ්ගනිස්තානයේ නිදහස් සටන් කරුවන් වෙමු. නමුත් අපි විෂ ප්‍රචාරයන්ට ගොදුරු වී සිටින්නෙමු“ යනුවෙනි.

අපි ස්වාධීන විමුක්ති බලකායක්.අපි ඇෆ්ගනිස්තානය මුදා ගැනීම සඳහා පසුගිය අවුරුදු 20 තුල ස්වාධීන අරගල කළා. ලෙස ඔහු වැඩිදුරටත් පවසා පවසා ඇත.