පාර්ලිමේන්තුවෙත් කොවිඩ්

0
190

පාර්ලිමේන්තුවේ අද(17) සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ 275 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී එම ආසාදිතයින් හඳුනාගත් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය, ආරක්ෂක අංශ කාර්ය මණ්ඩලය සහ ජනමාධ්‍යවේදීන් අද (17) පෙරවරු 09.00 සිට මධ්‍යහන 12.00 දක්වා කාලය තුළ එම පරිශ්‍රයේදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ලක්කර තිබේ.

ඒ අනුව හඳුනාගත් ආසාදිතයින් 12 දෙනාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර අදාළ අංශ විෂබීජහරණයට ද කටයුතු කළ බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

හෙට (18) දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු අවම කාර්ය මණ්ඩලයක් සහිතව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.