සරා සහ සුදු චුටිගෙන් වෙඩින් ෆොටෝ ශුට් එකක්

0
210

මේ දවස්වල අතිශයින්ම ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ එන ප්‍රධානතම චරිත දෙකක් තමයි සරා සහ සුදු චුටි කියලා කියන්නේ.

සරාට රංගනයෙන් දායක වෙන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනි මහත්තයාගේ පුතෙක්.ඔහු තමයි සජිත ඇන්තනී.ඇත්තටම ඔහු ඉතාමත් දක්ෂ ලෙස සහ ත්වාත්වික ලෙස එම නාට්‍යට සාධාරණයක් ඉටු කරනවා.

මේ නාට්‍යට සාධාරණයක් ඉටු කරන තවත් රංගන ශිල්පිනියක් තමයි සුදු චූටි කියලා කියන්නේ.ඕනෑම කෙනෙක් මේ නම කිව්වත් කවුද කියන්න හරියටම දන්නවා.මොකද ඒ තරමටම මේ නාට්‍ය ප්‍රේක්ෂකයා පිස්සු වට්ටලා ඉවරයි.

සුදුචුටිට රංගනයෙන් දායක වෙන්නේ සෙනාලි ෆොන්සේකා.මොවුන් දෙදෙනාගේ රංගනය ඇත්තටම මේ නාට්‍ය ලස්සන කරන්න හේතුවක් වෙනවා.

මේ දවස්වල ගොඩක් දෙනෙක් ආදරය කරන චරිත දෙකක් බවට මේ දෙදෙනා පත්වෙලා තියෙන නිසා ඔවුන් දෙදෙනාගේ ෆොටෝ ශුට් එකක් කරලා තිබුනා.

ඒ ෆොටෝ ශුට් එකට ගොඩක් දෙනෙක්ගේ හොඳ ප්‍රතිචාර හිමිවෙලා තිබුණා. ඉතින් අපි තීරණය කලා හැඩ වැඩ තීරුව තුලින් ඒ ෆොටෝ ශුට් එක ඔයාලට අරගෙන එන්න

ඒ ෆොටෝ ශුට් එක පහතින්.