බල පෙරලි මැද ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පුහුණුකරු ධූරය අවිශ්කට

0
169

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු වන අවිෂ්ක ගුණවර්ධන මහතා ඇෆ්ඝනිස්ථාන ජාතික කණ්ඩයමේ පුහුණුකරු ලෙස බඳවාගෙන ඇතැයි ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩ‍ලය නිවේදනය කරයි.

මේ වන විට 44 වැනි වියේ පසුවන ඔහු ශ්‍රී ලකා ‘ඒ’ කණ්ඩයමේ පුහුණුකරු ලෙස මෙන්ම ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත.

මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානයේ යටතට පත්ව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

වමතින් පිත්ත හැසිරවූ ඔහු එක්දින ජාත්‍යන්තර තරග 61 කදී සහ ටෙස්ට් තරග 6 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

එක්දින තරගවලදී ශතකයක් සහ අර්ධ ශතක 12 ක් සමගින් ලකුණු 1708 ක් රැස්කිරීමට අවිෂ්ක සමත්ව ඇත්තේ 28.46 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.

ටෙස්ට් තරගවලදී ඔහු රැස්කර ගෙන ඇත්තේ ලකුණු 181 ක් පමණක් වුවත් පළමු පෙළ තරග 129 කදී ශතක 12 ක් සහ අර්ධ ශතක 40 ක් සමග ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6680 කි.

පාකිස්තානය‍ට එරෙහිව සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ සිට අවිෂ්ක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සමග එක්වන බව ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් ආයතනය කියයි.

එහිදී පිතිහරඹ පුහුණුකරු ලෙසද කටයුතු කිරීම අවිශ්ක ගුණවර්ධන මහතාගේ පළමු පැවරුම වේ.

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ටේට් ඇෆ්ඝනිස්තානු පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට එක්ව සිටියි.