සෞදි අරාබියේ වාර්ෂික රටඉඳි උත්සවය පවත්වා ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
ගොවීන්, වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් විශාල ලෙස මෙම උත්සවයට පැමිණ ඇති අතර, ලෝහ කරත්තවල තබා ගනිමින් දිනකට රටඉඳි කිලෝග්‍රෑම් 280,000ක් පමන විකුණා ඇති බව වාර්තා වේ.
ලොව විශාලතම උත්සව වලින් එකක් ලෙස සැලකෙන මෙම උත්සවය වඩාත්ම ගතානුගතික ප්‍රදේශයක් වන මධ්‍යම කාසිම් කලාපයේ නගරයක උත්සවය පැවති බව උත්සව සංවිධායකයෝ ප්‍රකාශ කරති.
ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබියේ රටඉඳි ගස් මිලියන 30 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර වාර්ෂිකව රට ඉඳි ටොන් මිලියන 1.4 ක් නිපදවයි.
COVID-19 හේතුවෙන්, පසුගිය වසරේ උත්සවයට ජාත්‍යන්තර ගණුදෙනුකරුවන් පැමිණ නොමැති අතර රටවල් 50 කට පමණ රටඉඳි අපනයනය කර ඇත.